• (+94) 045-2263525
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Pathagama M.V.

ර/ පාතගම මහා විද්‍යාලය

Rathnapura Zone

  • Register
  • Login
Pathagama M.V.

ර/ පාතගම මහා විද්‍යාලය

Rathnapura Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

සබරගමුව පළාතට අයත් රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට නගර සීමාවේ පාතගම නම් ගම්මානය තුළ උස් කඳු ගැටයක් මත පිහිටි ර/පාතගම මහා විද්‍යාලයේ ඉතිහාසය 40 දශකය තරම් ඈත අතීතයට දිවයයි.

 

මෙම විද්‍යාලයේ ආරම්භය කෙසේ සිදුවුනිද යන්න  විමසන කළ එහි මූලාරම්භය 1938 වර්ෂයේදී සෙනෙවිරත්න නම් මහත්මයෙකු විසින් කුඩා බට අතු පැලක සිසුන් කිහිප දෙනෙකුට අකුරු කරවීම ඇරඹීමත් සමඟ සිදුවූ බව සඳහන්ය.මෙසේ සිසුන් කිහිප දෙනෙකුට අකුරු කරවීමෙන් ඇරඹි මේ කුඩා විදු බිම 1938 වර්ෂයේදී ‘කැන්දලන්ද’ නම් රජයට අයත් ඉඩම වෙත ගෙන ගිය අතර ර/පාතගම මහා විද්‍යාලය යන නාමයෙන් ද හඳුන්වන්නේ එම විද්‍යාලයයි.මෙහි ආරම්භක මුල් ගුරුතුමා වූයේ දොඩම්පේ මහත්මයා නම් අයෙකි. 1938.07.01 දින පළමු ශිෂ්‍යයා ඇතුළත් වී ඇති අතර නොම්මර 01 යටතේ ඇතුළත් වූ ප්‍රථම ශිෂ්‍යයා වූයේ අවුරුදු 13 ක් වයසැති ‘පීරිසා’ නම් කුඩා පිරිමි දරුවාය.ඔහුගේ භාරකරු ලෙස සඳහන් වන්නේ කේ.බී.පොඩිසිංඤානැමැත්තෙකි.

ආරම්භයේදීම සීඝ්‍ර ශිෂ්‍ය වර්ධනයක් පෙන්නුම් කළ මෙම පාසලට 1938 වර්ෂය තුළ දී සිසුන් 58 ක් පමණ ඇතුළත් වී ඇත.

1938 වර්ෂයේදී දොඩම්පේ මහත්මයාගෙන් ඇරඹි පාසලේ පරිපාලන කටයුතු මේ වන විට විදුහල්පතිවරුන් 16 දෙනෙකු යටතේ සිදුව ඇති අතර 17 වන විදුහල්පතිවරයා ලෙස වර්තමානයේ G.A.නිමල් චන්ද්‍රසිරි මහතා කටයුතු කරයි.

අද වන විට පාතගම මහා විද්‍යාලය රජයේ පාසල් දහසේ ව්‍යාපෘතියට ඇතුළත්ව සීඝ්‍ර සංවර්ධනයක් ලබමින් පවතින පාසලකි. ක්‍රමිකව 1 AB පාසලක් ලෙස වර්ධනය වී ඇති මෙම පාසල පසුගිය දශකය තුළ සීඝ්‍ර පසුබැස්මකටලක් වූ අතර ශිෂ්‍ය සංඛ්‍යාවද ක්‍රමිකව පහත වැටී ඇත.නමුත් මේ වන විට පාසල් දහසේ ව්‍යාපෘතියත් සමඟ නව පිබිදීමකින් නව ගමනක් අරඹා ඇති බවක් පෙනේ.

පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව මේ වන විට ක්‍රමයෙන් වර්ධනය වන ආකාරයක් දක්නට ලැබෙන අතර අද වන විට මෙහි සිසුන් 219 ක් පමණ අධ්‍යාපනය ලබති.”මහින්දෝදය” තාක්ෂණ විද්‍යාගාරයක් සමඟ නව පරිඝනක විද්‍යාගාරයක් ද පාසල සතුය.වර්තමානයේ 29 කට ආසන්න ගුරු මණ්ඩලයක් විසින් සිසු දරුවනට අධ්‍යාපනය ලබා දෙනු ලබයි.

 

 

ආරම්භ කළ වර්ෂය

1938 ජූලි 01

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

58

මුල් ගුරුතුමාගේ නම

දොඩම්පේ මහත්මයා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ර/පාතගම මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

සෙනෙවිරත්න මහත්මයා

පාසල පැවැත්වූ ස්ථානය

 ‘කැන්දලන්ද’ නම් රජයට අයත් ඉඩමක

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 ‘පීරිසා’ නම් කුඩා පිරිමි දරුවා

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1938 ජූලි 01

 

 

 

 

Pathagama M.V.

ර/ පාතගම මහා විද්‍යාලය

Rathnapura Zone

Usefull Links

Contact us

  • ලිපිනය -ර/පාතගම මහා විද්‍යාලය,පාතගම,කුරුවිට
  • දුරකථන(+94) 045-2263525

Supported By

© 2026 Pathagama M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk