අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ, කුරුවිට නගරයේ පාතගම නම් වූ ස්වාභාවික සෞන්දර්යයෙන් හෙබි වු අලංකෘත පරිසරයක බිහි වු අප පාසල් මෑණි, ගුණ නැණ සපිරි අභිමානවත් වු පුරවැසියන් රැසක් මව් බිමට දායාද කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
දිනෙන් දින නව ලොව අභියෝගයන් සාර්ථකව ජය ගනිමින් ජය ටැඹ කරා ගමන් කරන අප පාසල් මාතා සැමදා දිදුලන විදු බිමකි. අප විද්‍යාලයේ ප්‍රාථමික හා ද්විතියික වශයෙන් ශිෂ්‍යයන් ඉගෙනුම ලබති.අප සිසු දරුවන් කලාප ,පලාත් මෙන්ම ජාතික මට්ටමින් ද ජයග්‍රහණයන් රැසක් හිමි කර ගෙන ඇති අතර පාසල වෙනුවෙන් කැපවෙන ආදර්ශමත් ගුරු මව්වරුන් ,පියවරුන් පිරිසක් ද සිටී. නායකත්වය හොබවමින් පාසල් පරිපාලනය යහපත්ව පවත්වා ගැනීමට උපකාරී වන ශිෂ්‍ය නායක මණ්ඩලය තුළද පාසල් මෑණි වැජඹේ. ඉතිහාසයේ පටන් මේ දක්වා පාතගම විදු මෑණියන්ගේ පහස ලබා අද වන විට රටේ ඉහල ස්ථාන කරා සාර්ථකව ගමන් කල ආදි සිසුන් පිරිසක්ද සිටී අප පාසල එවන් අභිමානවත් පාසලකි.








